“සුහුරු කතක් - සොඳුරු ලොවක්” වසරේ කාන්තා දින තේමාව යටතේ ප්‍රාදේශීය කාන්තා දින සැමරුම් වැඩසටහන 2019 මාර්තු මස 26 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

මෙහිදී ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටු භාර ප්‍රධාන හෙද නිලධාරිනී සේපාලි අතුකෝරළ මහත්මිය විසින් පවත්වන ලද අතර එහි මාතෘකාව අඩු වයස් විවාහ තුළින් කාන්තාවට, පවුලට හා සමාජයට සිදුවන හානි හා එය වලක්වා ගැනීම තුලින් යහපත් පවුල් පරිසරයන් නිර්මාණය කිරීම යන්නයි.

ශක්තිමත් පවුලක් ගොඩනැංවීම සඳහා කාන්තාවන්ගේ ආකල්ප සංවර්ධනය තුළින් පවුල් ආර්ථිකයන් සංවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී චමින්ද ප්‍රදීප් ගුණසේන මහතා විසින් අනෙක් දේශනය පවත්වන ලදී.

දැරණියගල ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් 181 දෙනෙක් මේ සඳහා සහභාගි වූ අතර සෞන්දර්යාත්මක නිර්මාණ කිහිපයකින් වැඩසටහන අලංකාරවත් විය.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දැරණියගල කොට්ඨාශයේ මහජනතාවගේ සේවා අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා සංවිධානය කළ ජංගම සේවා වැඩසටහන 2014 පෙබරවාරි මස 24  දින දැරණියගල සිරිසමන් ජාතික පාසැලේදී සාර්ථක ලෙස පවත්වන ලදී.

දැරණියගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සඳහා ඉදිකිරීමට යෝජිත නව සිවු මහල් ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම - 2018.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල වර්ෂ 2019 පෙබරවාරි මස 04 වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ, පොලිස් ස්ථානයේ සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, පාසැල් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහයෝගයෙන් දැරණියගල සිරිසමන් ජාතික පාසැල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

දැරණියගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් අ‍නෙකුත් රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, සිවිල් සංවිධාන සහ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් 70වන නිදහස් සමරු උළෙල දැරණියගල නගර මධ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top