
“සුහුරු කතක් - සොඳුරු ලොවක්” වසරේ කාන්තා දින තේමාව යටතේ ප්‍රාදේශීය කාන්තා දින සැමරුම් වැඩසටහන 2019 මාර්තු මස 26 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
මෙහිදී ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටු භාර ප්‍රධාන හෙද නිලධාරිනී සේපාලි අතුකෝරළ මහත්මිය විසින් පවත්වන ලද අතර එහි මාතෘකාව අඩු වයස් විවාහ තුළින් කාන්තාවට, පවුලට හා සමාජයට සිදුවන හානි හා එය වලක්වා ගැනීම තුලින් යහපත් පවුල් පරිසරයන් නිර්මාණය කිරීම යන්නයි.
ශක්තිමත් පවුලක් ගොඩනැංවීම සඳහා කාන්තාවන්ගේ ආකල්ප සංවර්ධනය තුළින් පවුල් ආර්ථිකයන් සංවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී චමින්ද ප්‍රදීප් ගුණසේන මහතා විසින් අනෙක් දේශනය පවත්වන ලදී.
දැරණියගල ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් 181 දෙනෙක් මේ සඳහා සහභාගි වූ අතර සෞන්දර්යාත්මක නිර්මාණ කිහිපයකින් වැඩසටහන අලංකාරවත් විය.




















