සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද "පන් හිදක සේයා" 2026 සාහිත්යය කලා උළෙල 2026.10.01 දින දැරණියගල බහුකාර්ය ශාලාවේදී සාර්ථක ලෙස පවත්වන ලදී.
ප්රදේශයේ කලා ආයතනවල ශිල්පීන්ගේ සංස්කෘතික අංගනයන් වලින්ද අලංකාර වූ මෙම වැඩසටහනේදී ප්රවීන ගීත රචක, සාහිත්යය දේශක, සිනමා විචාරක ධම්මික බණඩාර මහතාගේ රසවින්දන වැඩසටහනක් සහ දේශනයක් පැවති අතර සාහිත්ය තරඟ වලින් ජයග්රහණය කරන ලද පාසැල් සිසු සිසුවියන් ඇතුළු ජයග්රාහකයින්ට ත්යාග සහ සහතිකපත්ර ප්රදානය කිරීමත් ප්රවීන කලාකරුවන් වෙත උපහාර පුදකිරීමත් සිදු කරන ලදී.
ප්රාදේශීය ලේකම් තුමාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ගරු පරිසර අමාත්ය ධම්මික පටබැදි මැතිතුමාගේ සමබන්ධීකරන ලේකම්තුමන්, ප්රදේශීය සභාවේ ගරු මන්ත්රී වරුන්, කෑගල්ල දිස්ත්රික් ලේකම් තුමන් වෙනුවෙන් දිස්ත්රික් ක්රම සම්පදන අධයක්ෂකතුමිය, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු එම ප්රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්, ප්රදේශයේ රාජ්ය ආයතන වල ප්රධානීන් ඇතුළු අනෙකුත් ආරාධිතයින්, ග්රාම සංවර්ධන සමිති හා වැඩිහිටි සමිති වල සාමාජිකයින්, පාසැල් සිසු සිසුවියන් සහ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි විය.




















දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 8 ක කාලයක් සහකාර ප්රාදේශීය ලේකම් වශයෙන්ද 2022 වසරේ සිට වසර 4 කට අධික කාලයක් ප්රාදේශීය ලේකම් වශයෙන් ද කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කල පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය, දෙහිඕවිට ප්රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථානමාරු ලබා යාම නිමිත්තෙන් එතුමිය වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක් හා සුහද හමුවක් 2026.07.13 වන දින කාර්යාලයීය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
එතුමියගේ සියලු කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා! යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංසන මෙසේ පිරිනමමු.

දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය ලේකම් වශයෙන් අරුණ එන් ප්රේමරත්න මහතා 2026 ජූලි මස 15 දින සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් කෙටි උත්සවක් සංවිධානය කර තිබුණි.
එතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන මෙසේ සනිටුහන් කරමු.

























