දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් අරුණ එන් ප්‍රේමරත්න මහතා 2026 ජූලි මස 15 දින සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් කෙටි උත්සවක් සංවිධානය කර තිබුණි.
එතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන මෙසේ සනිටුහන් කරමු.


දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 8 ක කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන්ද 2022 වසරේ සිට වසර 4 කට අධික කාලයක් ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කල පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථානමාරු ලබා යාම නිමිත්තෙන් එතුමිය වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක් හා සුහද හමුවක් 2026.07.13 වන දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
එතුමියගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංසන මෙසේ පිරිනමමු.

කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් කෝරළයම ආවරණය වන පරිදි Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ පැවැත්වෙන සුව සත්කාරක වැඩසටහන - 2025
එම දිනට සහභාගී වන ඔබ පහත ඇති QR code එකෙන් හෝ link එක භාවිතා කොට දැන්ම ලියාපදිංචි වන්න.

කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් කෝරළයම ආවරණය වන පරිදි Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ පැවැත්වෙන ජංගම සේවය හා ජන සත්කාරක වැඩසටහන - 2025.11.20
එම දිනට සහභාගී වන ඔබ පහත ඇති QR code එකෙන් හෝ link එක භාවිතා කොට දැන්ම ලියාපදිංචි වන්න.






















