කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ 2021 විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සමිති සහ ස්වේච්ඡා සංවිධාන සඳහා LED Flash Light ලබා දීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 28 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.

 

සබරගමු පළාත් සංස්කෘතික හා අධ්‍යාපනික අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන අනුග්‍රහයෙන්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කොට පැවැත්වූ තෛපොංගල් උත්සවය 2022 ජනවාරි මස 25 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සමරන ලදී.

 

 

අතිගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යමත් දේශයක්” යථාර්ථයක් කරණු පිණිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය  නිවාරණ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 11 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලදි සිදු කරන ලදී. 

මෙහිදී මත්ද්‍රව්‍ය  භාවිතයේ සිරවී සිටින පිරිස් එයින් නිදහස් වීමට අවශ්‍ය  සේවාවන් ලබා ගැනීම සඳහා 1927 ක්ෂණික දුරකථන අමතුම් අංකය හඳුන්වා දීමද මෙහිදී සිදුවිය.

වසරක පුහුණු කාලය නිමාකළ අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයක් 2022-01-19 දින සබරගමු පළාත් හිටපු ගරු මන්ත්‍රී, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති අජිත් ශ්‍යාමින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය දොස්තර තිස්ස විතාරණ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, බුලත්කොහුපිටිය විවිධ සේවා සංගමයේ ගරු සභාපති අශෝක රාජපක්ෂ මහතා, ගරු තිස්ස විතාරණ මැතිතුමා‌ගේ දැරණියගල කොට්ඨාශ භාර සම්බන්ධීකරණ ලේකම් සේසිරි කරුණාරත්න මහතා, ප්‍රාදේශීය සභා ගරු  මන්ත්‍රී රුවන් චමින්ද මහතා, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය, සහකාර අධ්‍යක්ෂක ආනන්ද සෝමරත්න මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාගේ ප්‍රතිපාදන මත දැරණියගල කොට්ඨාශයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන 20ක් සඳහා ඉවුම්පිහුම් කට්ටල ලබා දීම 2022 ජනවාරි මස 10 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top