අපගේ දැක්ම

මහජන සේවය සඳහා වු විශිෂ්ටතම ආයතනය

අපගේ මෙහෙවර

සුහදශීලී කාර්ය මණ්ඩලයක් තුලින් රාජ්‍ය ප්‍රතිපත්තින්ට අනුව මහජන සේවය සැලසීම

ආයතනයේ විකාශනය

දැරණියගල ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය 1974 වර්ෂයට පෙර ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාලය වශයෙන් දැරණියගල, විද්‍යාල මාවතේ පිහිටි පෞද්ගලික නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම කාර්යාලය වර්තමානයේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල තැනීමෙන් පසු 1974 වර්ෂයේ මෙහි ස්ථාපනය කර ඇත.දැරණියගල ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය 1974 වර්ෂයට පෙර ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාලය වශයෙන් දැරණියගල, විද්‍යාල මාවතේ පිහිටි පෞද්ගලික නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම කාර්යාලය වර්තමානයේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල තැනීමෙන් පසු 1974 වර්ෂයේ මෙහි ස්ථාපනය කර ඇත.

*          එම අවධියේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ නවයකට බෙදා තිබූ අතර, බල්ලැහැල, නිල්වල, උඩබාගේ, නක්කාවිට, මාලිබොඩ, මාගල, කොස්ගහකන්ද, ඌඩාපොල, දැරණියගල එම ග්‍රාම නිලධාරී වසම් වේ.

*          කාර්යාලයේ කාර්ය මණ්ඩලය ප්‍රාදේශිය ආදායම් නිලධාරී සමග ලිපිකරුවන් 06, ග්‍රාම සංවර්ධන නිලධාරී 01, ග්‍රාම නිලධාරී 09, සංවර්ධන නිලධාරී 03, ජනපද නිලධාරී 02, තරුණ සේවා නිලධාරී 01, කාර්යාල කාර්ය සහායක 02, මුරකරු 01, රියදුරු 01 ක් විය.

*          1974 වර්ෂයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී තනතුර සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුරට වෙනස් කරන ලද අතර, 1980 වර්ෂය වන විට විශේෂ සේවා නිලධාරීන් ග්‍රාම නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කිරීමත් සමග ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14 කට බෙදා ඇත.

*          1989 වන විට වගා නිලධාරීන් හා කෘෂි ව්‍යාප්ති නිලධාරීන් ග්‍රාම නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කිරීමත් සමග  මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 26 දක්වා ව්‍යාප්ත විය.

*          මෙම කාලය තුළ සියලුම කටයුතු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පාලනය වූ අතර, නිලධාරීන්ගේ වැටුප් ගෙවීම් කටයුතු ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සිදු කෙරිණි.

*          1992 වන විට  පැවති රජයේ තීරණ මත ජනතාවට වඩා පහසු කාර්යක්ෂම සේවයක් සැලසීමේ අරමුණින්, බලය විමධ්‍යගත කිරීමේ වැඩසටහන යටතේ 1992.10.01 දින මෙම කාර්යාලය   දැරණියගල ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය වශයෙන් නම් කරන ලදී. 


*          වර්තමානයේ  ප්‍රාදේශීය ලේකම් යටතේ ජනතාවගේ සියලු කටයුතු ඉටු කිරීම සදහා කාර්යමණ්ඩලය 138 කින් සමන්විතය.

1972 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩබ්ලිව්.ඒ. මිත්‍රරත්න 1972.07.01 1973.09.30
ජී.පී. බටුවිටගේ 1974.07.22 1979.05.31
ජේ.ජී.ඒ. විජේදාස 1979.06.01 1990.09.26
ජී.ආර්.ඩී. බණ්ඩාර 1990.09.27 1992.08.16

එස්.එම්.ඒ. ජයසේන

1992.08.17 1994.04.12
එච්.ඒ.සී. වික්‍රමපාල 1995.01.01 1995.06.30
එල්.එස්. අතාවුද 1995.07.03 1997.10.08
වී.ඩබ්ලිව්. ධනසේන 1998.03.12 2000.07.13
එස්.එම්. එදිරිසිංහ 2000.08.23 2005.06.05
එස්.පී. බණ්ඩාර (වැ.බ.) 2005.06.06 2005.10.31
ඒ.ඩබ්ලිව්. ආර්. ආරියරත්න (වැ.බ.)

2005.11.08

2006.04.03
කේ.පී. පෙරේරා

2007.01.05

2007.06.18
ආර්.කේ. සමන් අනුර 2007.07.01 2009.12.14
එන්. නිල්වල 2010.01.01 2012.08.08
එස්. පී. ගුණවර්ධන 2012.08.09 2018.02.28
අයි.කේ.ආර්.එස්. බණ්ඩාර මැණිකේ 2018.03.06 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

Scroll To Top