දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 8 ක කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන්ද 2022 වසරේ සිට වසර 4 කට අධික කාලයක් ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කල පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ස්ථානමාරු ලබා යාම නිමිත්තෙන් එතුමිය වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක් හා සුහද හමුවක් 2026.07.13 වන දින කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එතුමියගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංසන මෙසේ පිරිනමමු.

                   

පුවත් සහ සිදුවීම්

Scroll To Top