2022 මාර්තු මස දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම මාර්තු මස 29 දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදි හරිත දැයක් ජාතික කෘෂි ගෙවතු සංවර්ධන වැඩසටහන 2022 යටතේ එළවළු පැල සහ බීජ බෙදා දීමේ සංකේතාත්මක වැඩසටහනක් ද ව්‍යවසායකයින් සඳහා ස්වයං රැකියා උපකරණ ලබා දීමක්ද සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශ්යාමින්ද මැතිතුමා සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් ද සහභාගි වූහ.




















දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීම 2014 මාර්තු මස 14 දින පෙ.ව. 10.41ට යෙදුණු සුබ මොහොතින් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී. මධුෂාණි ද සිල්වා මහත්මිය දැරණියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 15වන ප්‍රාදේශීය ලේකම් වේ.




















74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා සංවිධානය කළ සැමරුම් උත්සව සහ රුක් රෝපණ වැඩසටහන් හා ආක්රමණික ශාක ඉවත් කිරීමේ ශ්‍රමදාන 2022 පෙබරවාරි මස 04වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී වසම් මට්ටමෙන් පවත්වන ලද අතර එදිනම දිනකට පැල 75ක් සිටුවීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පළමුවැනි රුක්රෝපණ වැඩසටහනද පනාකූර සහ පන්දාහ වසම් ආශ්‍රිතව සිදු කරන ලදී.




















පුරා වසර හතරකට අධික කාලයක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් ලෙස දැරණියගල පුරවරයට මහඟු සේවාවක් සිදු කර ස්ථාන මාරු ලබා වෙනත් සේවා ස්ථානයක් වෙත යන අයි.කේ.ආර්.එස්. බණ්ඩාර මැණිකේ මෙනවියට දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ සුබ පැතුම් පිරිනැමීමේ උත්සවය 2022 මාර්තු මස 11වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.




















අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගන්නා ලද ව්‍යාපෘති ආරම්භ කිරීම 2022 ජනවාරි මස 03 වන දින පෙ.ව. 08.52ට යෙදුණු සුබ මොහොතින් සිදු කරන ලදී.








































