2022 මාර්තු මස දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම මාර්තු මස 29 දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 

මෙහිදි හරිත දැයක් ජාතික කෘෂි ගෙවතු සංවර්ධන වැඩසටහන 2022 යටතේ එළවළු පැල සහ බීජ බෙදා දීමේ සංකේතාත්මක වැඩසටහනක් ද ව්‍යවසායකයින් සඳහා ස්වයං රැකියා උපකරණ ලබා දීමක්ද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශ්‍යාමින්ද මැතිතුමා සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් ද  සහභාගි වූහ.

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top