පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කම්කරු හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද රැකියා පොල 2021 දෙසැම්බර් මස 14 වන දින බස්නාගල ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී ස්වයං රැකියා සඳහා ලියාපදිංචි කිරීම් 26ක්, රැකියා සඳහා යොමුකිරීම්/බඳවා ගැනීම් 16ක් සහ වෘත්තීය පුහුණුව සඳහා බඳවාගැනීම් 07ක් සිදුකරන ලද අතර මේ සඳහා රැකියා සපයන ආයතන 09ක් සහ රජයේ වෘත්තීය පුහුණු ආයතන 02ක් සහභාගි විය.





















