දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීමට අමතරව ජාතික නිදහස දිනාගත් ආකාරය පිළිබඳ දේශනයක්, රුක් රෝපණ වැඩසටහනක්, පැල බෙදා දීමේ වැඩසටහනක් සහ කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සිදුකරන ලදී.






























