සමෘද්ධි සහනාධාරලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන - 2018

01. සමෘද්ධි අරුණළු කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන වැඩසටහන (සමෘද්ධි සහනාධාරලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන ) - 2018

දැරණියගල හා මාළිබොඩ වශයෙන් කලාප දෙකකින් සමන්විත දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහනාධාරලාභී පවුල් ගණන 1016 කි. මෙම පවුල් අතරින් ඉහල මට්ටමක ව්‍යවසායක ගතිලක්ෂණ පෙන්නුම් කරන ව්‍යවසායකයින් 27 දෙනෙකු සවිබලගැන්වීමේ වැඩසටහන සදහා තෝරා ගන්නා ලදි. කෘෂි ආර්ථික රටාවකට හිමිකම් කියන දැරණියගල කොට්ඨාශයේ තේ වගාව වඩාත්ම ප්‍රචලිතය. ඊට අමතරව කර්මාන්ත ව්‍යාපෘති ද ක්‍රියාත්මකය. ඒ අනුව ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා  රු: 881072.50 ක මුදලක් අනුමත විය. වඩු කර්මාන්තය සදහා ව්‍යවසායකයින් 05 ක්, පෑස්සුම් කර්මාන්තය සදහා ව්‍යවසායකයින් 01, රෙදි මැසීම සදහා ව්‍යවසායකයින් 06 ක්, කුළු බඩු නිෂ්පාදනය සදහා ව්‍යවසායකයින් 01 ක්, සිමෙන්ති ගල් නිෂ්පාදනය සදහා ව්‍යවසායකයින් 01 ක් වශයෙන් කර්මාන්ත ව්‍යාපෘති 14 ක් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සදහා රජය විසින් දරන ලද මුදල රු: 476550.00 ක් වේ. ප්‍රතිලාභීන් විසින්  රු: 263928.00 ක ප්‍රතිලාභී දායකත්වයක් දරන ලද අතර මුළු පිරිවැය රු: 740478.00 ක් වේ. කෘෂි ව්‍යාපෘති 13 ක් ක්‍රියාත්මක කරන ලද අතර තේ වගා ව්‍යාපෘති 09 ක් සදහා පැල ලබාදෙන ලදි. කුරුදු, ගම්මිරිස්, තේ තවාන්, බිම්මල් යන ව්‍යාපෘති 01 බැගින් ක්‍රියාත්මක කරන ලද අතර කෘෂි ව්‍යාපෘති 13  සදහා රජය විසින් දරන ලද මුදල රු: 384749.50 කි. ප්‍රතිලාභී දායකත්වය රු: 2406.00 ක් වන අතර ව්‍යාපෘති සදහා මුළු පිරිවැය රු: 387155.50 කි. ඒ අනුව කෘෂි හා කර්මාන්ත ව්‍යාපෘති 27 ක් සදහා රජය විසින් රු: 861299.50 ක මුදලක් දරන ලදි.

02. ව්‍යාවසාය සංවර්ධන (අලෙවි සංවර්ධන) වැඩසටහන 2018

අලෙවි ක්ෂේත්‍රයට අදාල ව්‍යවසායකයින් 13 දෙනෙකු මෙම වැඩසටහන සදහා තෝරා ගන්නා ලද අතර අයිස්ක්‍රීම් වෙළදාම, සිල්ලර වෙළදාම, කැවිලි නිෂ්පාදනය, පින්තාරු කිරීම, ලිපි කවර සෑදීම යන ව්‍යාපෘති වෙනුවෙන් රජය මගින් රු: 200000.00 ප්‍රතිපාදන වෙන්කර දෙන ලදි. වැයකරන ලද මුදල රු: 152398.00 කි. ඉහත වැඩසටහන් මගින් සෘජු රැකියා 40 ක් ද වක්‍ර රැකියා 35 ක් පමණද ජනිතවී ඇත.

පුවත් සහ සිදුවීම්

Scroll To Top